11:25 PM 4 ප්‍රතිචාර

ඇයි මම බ්ලොග් ලියන්නෙ....?

සරලම උත්තරේ වෙන කරන්න වැඩක් නැති හින්දා....
දන්න දන්න හැම එකාම බ්ලොග් ලියන හින්දා..
මේවා පත්තර වලට ලිව්වොත් ඒවට editor ලගෙ පිත ඇවිස්සෙන හින්දා...
campus ගිහින් හතර අව්රුද්දක් කට්ට කාලා තුන්වෙනි job එකටත් ආවට හිතට කිසි fit එකක් නැති හින්දා..
තව කප්පරක් හේතු කියන්න පුලුවන්... දැනට ඇති,,,

  • සමහරු tech blog ලියනවා... බොහොම පින්,, ඒත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.
  • සමහරු කවි ලියනවා.. පෙලක් ඒවා හොඳයි අනික්වා මෙලෝ රහක් නෑ.
  • තව සමහරු politics ලියනවා... ඒකත් හොඳයි.... අන් මත නො ඉවසා මඩ ගැහිල්ල තමා අවුල....
  • සමහරු foto දානවා....
  • අනිත් අය තමුන්ගේ පුද්ගලික ජීවිතේ වැඩ කිඩ ගැන ලියනවා,,,,වැරැද්දක් කියන්න බෑ..
ඔන්න ඕකයි තත්වෙ...

මේකෙත් ඔය ඔක්කොම කෑලි බෑලි තියෙයි.......කවි ඇරෙන්න... මට කවි ලියන්න බෑ..

මේ බ්ලොග් එකේ කියන කතන්දර ඉතාම විවෘතව දක්වන අදහස්....
අපි ජීවත් වෙන මේ සමාජයෙ තියෙන දෙවල් ගැන තරුනයො විදියට අවංක විය යුතුයි. විවෘතව කතා කල යුතුයි.

කාගෙන්වත් මල් පොකුරු බලාපොරොත්තු වෙන්නෙ නැති අපි ඔබගේ ගින්දර වගේ අවංක අදහස් සාදරයෙන්
පිලිගන්නවා.. ඒවා ගල් වුනත් මල් වුනත් අපිට එකයි,,,

අපි දන්න කාලේ මේ රටේ හිටියෙ විධායක ජනාධිපති නැන්ද කෙනෙක්... ඊට පස්සෙ ආව මරු රැවුලක් තියෙන මාමා කෙනෙක්...
මෙන්න බොලේ එක පාරටම මේ ජනාධිපති මාමා මහ රජානන් වහන්සේ කෙනෙක් වෙනවා...
ඒක අවුලක් නෑ කියමුකෝ.....
යකෝ දන්නෙම නැතුව නිදාගෙන නැගිටින කොට එයාම භාරකාරයෙක් වෙලා...
මේක මහ පුදුම රටක්!!!!!!