8:13 PM

ලාල් කාන්තයව උස්සන්න ඕනේ......


මම වැඩට යන්නෙ බස් එකේ..... තාත්තා ටිකක් දුර බස් එකේ ඇවිල්ල ඊට පස්සෙ Train එකට සෙට් වෙනවා.
මේක අපේ තාත්තා කෝච්චියේ එන කොට අහපු මරු කතාවක්.
අපේ පොර ඉතින් රජයේ සේවකයා.. ඒ කියන්නෙ කන්තොරු කාරයෙක්. ලාවට ජෙප්පා.

මේ දවස් වල කට්ටියක් අකුරට වැඩනෙ....
2009 ජනවාරි දෙනවා කියපු පඩි වැඩිවීම තාම නෑ. ටික දවසක් යුද්දෙන් යට ගහලා තිබ්බට දැන් වැඩේ පත්තු වෙල.
ඒත් ෆව්සි නානා කියනවා "අවුලක් නෑ දොරේ,, එලකිරි වගේ තෙල් ටික බෙදනවා" කියල.
එහෙනම් ඉතින් මොකටද මේ කුමන්ත්‍රන බරබරේ...?
මේ "අකුරට වැඩේ" පිටිපස්සෙ ජෙප්පො ඉන්නව කියල හැමෝම දන්නව... යූ ඇම් පී කාරයොත් සෙට් වෙලා ඉන්නෙ.
ඕන මගුලක් අස්සෙම දේශපාලනය තියෙනවා... අපි කවුරු අකමැති වුනත් ඒක එහෙම තමයි....

ඉතින් තාත්තට ඇහිච්ච කතාව මේකයි.. ජෙන්ටා ගහපු කොල්ලො දෙන්නෙක් මෙහෙම කියනවා...

A: ආයිත් අර .......... පුතාලා ස්ට්‍රයික් කරන්න අරන්
B: මේ කාලේ ප්‍රමදාස ඉන්න තිබුනෙ බං.. එහෙනම් මෙලහකට මහ උන් දෙතුන් දෙනෙක් උස්සලා... ගේම දීලා එලකිරි වගේ ඔක්කොම සයිලන්ට්.......
A:ආයිත් අහලා... මහින්දයටත් තියෙන්නෙ ලාල් කාන්තයා උස්සල shot එක දෙන්න..

මේක ඇහුනම අපේ පොරගෙ සෙම් කෝප වෙලා සෙට් එකම එකතු වෙලා කොල්ලො දෙන්නට ඉස්ම යන්න ටෝක් ටිකක් දීලා. දන්නවනෙ කෝච්චි බදු අරන් යන කන්තෝරු කාරයන්ගෙ සෙට් ගැන...

මේ කතාව අහල මට හිනා ගියාට වැඩේ හෙන සීරියස්......
ඇයි මිනිස්සු මෙහෙම හිතන්නෙ? උන් දෙන්නා ප්‍රයිවට් කොම්පැනියක වැඩ කරනව ඇති.... එහෙම උනා කියල
රජයේ සේවකයන්ගෙ වෘත්තීය සටන් ගැන මෙහෙම කියන එක සාධාරනද?

ඕනම ස්ටයික් එකකදි අපිට කට්ට කන්න වෙනවා... ඒක තෙල් ද, විදුලිය ද, ඩොකාලා ද මොකා කරත් එකයි.
ඒකට උන්ට පලු යනකන් බැන්නම හරිද?
DON'T SHOOT/KILL THE MESSENGER
මේ වගේ කතාවක් මුලින්ම තිබිල තියෙන්නෙ සොෆොක්ලිස් ගෙ නාට්ටියක... පස්සෙ කාලෙක ෂෙක්ස්පියර්
ලොක්කත් උන්නැහැගෙ ඇන්ටනි ඇන් ක්ලියෝපැට්‍රා එකෙත් කියල තියෙනවා.
ඒ කියන්නෙ පනිවුඩ කාරයට ගහල වැඩක් නෑ. ඒත් අපේ අයියලා කෙලින්නෙම ලඟ ඉන්න එකාට...
සාමාන්‍ය රජයේ සේවකයන්ට අවුරුදු පතා පඩි වැඩි වුනා ටික ටික හරි,, ඒත් මේ යක්කුන්ට පඩි වැඩි වෙන්නෙ
අවුරුදු තුනකට පාරක්.... සාමුහික ගිවිසුම් ක්‍රමයක් තියෙන්නෙ
තව කතන්දරයක් තියෙනවා මේකට යටින් ඒක තමා ආතල් කෑල්ල
යුද්දෙකින් පස්සෙ රටක ඇති වෙන්නෙ වහල් මානසිකත්වයක් තියෙන ජඩයො ටිකක් කියල කතාවක් තියෙනවා
කවුරු කිව්වද කියල නිනව්වක් නෑ පොතක තිබුනේ...

ඒක ද මේ අපි සිරි ලංකාවේ දකින්නෙ???

Comments (2)

හැබැ‍යි ගොඩ දෙනෙක් ඉන්නේ ඔය මතයේ

කරුමේ තමා බොස්...

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........