7:20 PM

බන්දුල මාමේ, දෙනවානම් මෙන්න real budget pack එක...බඩුම තමා...

මේ දවස් වල බ්ලොග් අවකාසේ හෙන හුට්ටප්පර... අර බ්ලොගී කෙල්ල කනමදයා වගේ
සුදු අරක්කු බාගයක් එක හුස්මට ගහලා නොකවුට් වෙච්ච සීන් එක හින්දා කොල්ලො මරාගන්න හදනවා.
මේ කියන වැඩේ සිද්ද වුනේ බ්ලොගී තරම් දරුනු බේබද්දො දෙන්නෙකුට නෙවෙයි...
මල් වගේ අහිංසක කොල්ලො දෙන්නෙක්
නත්තල් දාට කලින් දවසේ හවස 4.15 ට ඕෆ් වෙලා රත්මලානේ වතුර මන්ඩලේ ඉස්සරහ
අනුර අයියගේ බාර් එකේ සෙට් වුනා කියමුකෝ...
කොච්චර උවමනාව තිබුනත් දෙන්නටම පැයක් හමාරක් බස් එකේ දෙපැත්තට යන්න තියෙනෙවා..
ගෙදරට නෝන්ඩි වෙන්නත් බෑ... තාම තනිකඩයි නෙ..
එකී මෙකී නොකී දහසකුත් එකක් කාරනා කරන කොට මේ ඩබල බල්ලන්ට ගහන බාගයකින් සැනසෙන්න තීරනය කලා
බ්ලොගී ට වගේ fridge එකේ අරක්කු දාලා තියන අයියලා කොයින්ද පූසෝ අපිට....
කොහොමින් කොහොම හරි එකෙක්ගෙ රට රස්සාවයි, අනිකගේ බඩු කතන්දරයි, අලිමංකඩ බයිස්කෝප් එකයි,
ෆොන්සේකයි, මහින්දයි එක්ක බාගෙ චුත වුනා....
හැමදාම ඉන්න වේටර් සොමරත්න අංකල් ගෙනාව බිල...
මේ තියෙන්නෙ එලකිරි ටිකට 885 කටම කෙලලා.... ටිප් එක 15ක් ඇතිනෙ..
කෝකටත් කියලා ෆෝන් එකෙන් සිහිවටනයක් කරගත්තා...
ඊලඟට ආතල් හරිය.. පහුගිය දවස් වල ධන-රින බන්දුල සෑර්/වයිමා නොහොත් ගෙම්බා (අලුත්ම කාඩ් එක) බජට් පැක් එකක් ගැන කිව්වනේ
මේ දවස් වල ඒක හොයාගන්න තියෙන්නෙ ඒ දවස් වල ආපු පත්තර ෆොටෝ වල විතරයි...
මේ හත් ඉලව් පැක් එකෙන් වුනේ උන්දැගෙ ආංඩුව නන්නත්තාර වෙච්ච තරම රටටම පෙන්නපු එකයි.
අපට මක්කටැයි ඒ පන්ඩිතකම්? සංවේදී පරිනත පලපුරුදු නායකයා ඒවා බලා ගන්නෙ නැතෑ...
බන්දුල මාමේ මෙන්න මේකයි අපේ ගින්දර වගේ යෝජනාව...
අලුත්ම බජට් පැක් එක,
"ගල් බාගයයි, අලියා සෝඩා එකයි, බයිට් එකට චිකන් හෝ පෝක් සහ අන්තිමට බට හයයි.
සාමාන්‍ය වියදම රු.900.00.... බජට් පැක් එක රු.xxx.xx.
දෙන්නෙකුට හීනියට කික් එකක් එන මරු ගාන..."

හිතේ තියෙන ෆිට් එකට තමා බොස් මේ අයිඩියා එක දුන්නෙ...
ෆොන්සේකාට ලොක්කට බොන සබ්ජෙක්ට් එක හොඳට මීටර්...
යූ ඇන් පී කාරයින්ට හිතෙන්න කලින් ඉස්සර වුනොත් දිනුම්.
මතකනේ...මහ චන්දෙකුත් ලඟ ලඟම එනෝ...

Comments (24)

he he he . . . ela ela . . niyama budget pack eka . . .

එලම කිරි
ඕක 500/= ට දෙනවා නම් මාත් දෙනව ඡන්දේ.

රු.xxx.xx එකට තව 50ක් විතර එකතු කරල දෙයියන්ට ගහන ඒවයින් බාගයක් එක්ක 'බජට් පැක් ස්පෙෂල්' එකකුත් දෙන්න කියමු.

අනේ අම්මපා මලයෝ උඹ නම් දෙවියෙක්.. මෙ රටෙ උඹලා වගේ කොල්ලෝ තමයි පාරිබෝගික ඇමතිලා වෙන්න ඔන..
ජය වෙවා...
ආ තව එකක් දෙකක් ගත්තම එකක් නොමිලේ කියන විදියට බැරිවෙයිද?

අම්මා තමයි.. මේක නම් පට්ට අයිඩියාර් එක..!!
මේ එක්කම බත් පැකට් එකකුත් ආවා නම් මරේ මරු..!!

තොපි ගොළුමඩම හංදියේ බොනවානං මීට පස්සේ මටත් කියහන් බං!මම ඉන්නේ ඔතනට කෙල ගහන් දුරින්!

මෙන්න ඇත්ත,නියමයි මචන්...
"ම" & මාරයාගේ හෝරාව කියුවා වගේ මමත් ඡන්දේ දෙනවා.බොනවට නෙමෙයි.බොරු නැතුව ඇත්ත දානවට.මෝඩ ආතල් නොදී.

මේ සිංහල බ්ලොග් ලියන වුන්ගෙ බොනපාට්ලා තව ඉන්නවා නම් කියලා කියපල්ලාකො. වෙනම get-together එකක් තියන්න.

මොකද කියන්නේ????

mama tawa awruddak kaldanawa lankawata enna...

අඩෝ නලියා එල අදහස
ඉන්නවා ඉන්නවා කට්ටිය ඉන්නවා සිංහල බේබදු බ්ලොග්කරුවන්ගේ සංගමය කියලා එකක් හදන්න තරම් කට්ටිය ඉන්නවා.

එලකිරි මචෝ ,හැබැයි මෙකෙ පොර ටෝක් කාරයෝ ටිකක් එන්නවා කොක්කක් දන්නේ නැතුවා පුදුමයි.

අනිවා අපි සෙට් වෙමු. මම ඉන්නේ පානදුරේ

maXXXXaaaa.....
ඔක්කොම බ්ලොග් බෙබාලා වගේ ඇවිල්ලා ඉන්නවා....
ඒ මදිවට මලී ත්... බොලේ එයත් බොනවද?? :)
@ නලියා : සිරා මචෝ..ඔන්න කරනවනම් වැඩ
@ මුචලින්ද/ම : එල එල.... v'll fix d date.

wat about a group blog first?..

නලියා ඒක නම් නියම අදහසක්
අපි ලියමු කන බොන වෙලාවට වෙච්ච ආතල් සීන් ගැන
හොඳ නමකුත් යෝජනා කරමු.

මන් මේ නමක් හිතුවා "බෝතලය" කියලා ඒත් ඒකට බ්ලොග් එකක් තියෙනවා බන්. "තැබෑරුම" කියල හොඳ නැද්ද?
http://bothalaya.blogspot.com/

http://thabaruma.blogspot.com/

what about this?
http://kamubomu.blogspot.com/
හොදද? නැත්තන් වෙන නමක් තියනවාද?
group blogspot එකක් හදා ගන්න දන්නවද?
නැත්තන් කරන විදියක් කියපන්කෝ>>.

http://kamubomu.blogspot.com/
කියලා බ්ලොග් එකක් තියෙනවනේ ඒක උඹේද?
එහෙමනම් අපි එකේ කරමු. මගෙනම් හිතට හොඳටම වැදුන නම තමා
http://bothalaya.blogspot.com/
ඒත් ඒක අරන් නේ

http://kamubomu.blogspot.com/
උඹේනම් උඹ ඒකට ලොග් වෙලා
Settings->Permissions->Blog Authors->Add Authors ගිහින් මාව ඇඩ් කරපන්කෝ

උඹ කැමති නැද්ද අවන්හල කියන එකට?
http://www.avanhala.blogspot.com/
මොකොඉතින් කට්ටිය සෙට් වෙලා කතා බහකරන්නේ අවන්හල් වලනේ
බාර් එක කිව්වම හරි මදි වගේ

මස්සිනා..... kamubomu.blogspot.com නම් මරු...අවන්හල ත් නරක නෑ. මාවත් add කරපන් මචෝ...

එළ
එහෙනම් නලියා මුලින්ම අපි දෙන්නව Add කරපන්කෝ
http://kamubomu.blogspot.com/
එකට
Settings->Permissions->Blog Authors->Add Authors

kamu bomu මගේ තමයි
ඔන්න දෙන්නව add කරා. දැන් එතින් කන බොන ජොලි කරන ලියමු

විජයබාහු කෝ බන් උඹ තාම නලියා එවපු Request එක Accept කරලා නැහැනේ. උඹ තාම කමු බොමු වලට Add වෙලා නැහැ ඒක නිසා. Request එක Accept කරපන්කෝ බන්.

ඕං මචෝ මාත් ඇඩ් කලා.... වැඩේ නැගලා යනවා නේ?

විජයබාහු ඉතින් උඹෙන් තාම ලිපියක් නැහැනේ.අනික ආරම්භක සාමාජිකයෝ උනාම කලින්ම ලියන්න එපායෑ

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........