7:51 PM

ටයිගර් වුඩ්ස් Vs ෆොන්සේකා


වෙල්ගම අන්කල්ගේ අයිලන්ඩ් පත්තරේ නූරි විට්ටච්චි කියල හාදයෙක්ගෙ මරු කොලමක් යනවා. මෑන්ස් ගෙ බ්ලොග් සයිට් එකකුත් තියෙනවා මං හිතන්නෙ. දවසක් එංගලන්තෙ පොරක් බඳින්න හිතන් ඉන්න කෙල්ලෙක් පත්තරේක දකිනවා මරු කතාවක්. එංගලන්තේ ඉන්න පිරිමියෙක් ගෑනු මිලියන 2.8 එක්ක නිදාගෙන තියෙනවලු. මේකි ඇවිල්ලා කොලම ලියන නූරි ගෙන් මේක ගැන අහනවා. ඒකිට යාලු වෙලා ඉන්න එංගලන්ත කොල්ලව බඳින්න බෑලු..
ඒක ඉතින් අහන්නත් දෙයක්‍ යෑ. මෙච්චර ගෑනු එක්ක බුදිය ගත්තු එකාව බඳින්න තියෙන්නෙ ගස්.
නූරි කෙල්ලට කියනවා "ඒක වෙන්න බෑ. කොහෙන්ද මිනිහෙකුට ඔච්චර කොරන්න වෙලාවක් කියල."
මේ කතාව පත්තරේ ගියේ ගොල්ෆ් ගහන ටයිගර් වුඩ්ස් කියන ගොල්ෆ් ගහන හාදයා ගෙ කොටු පැනිල්ල මාට්ටු වෙච්ච දවස් වලම තමයි. මිනිහගෙ ස්කෝර් එක 13 යි. "ඔන්න ටයිගර් කොලුව නම් මේ ගාන කිට්ටුවට යන්න ඉඩ තියෙනව" නූරි කියනවා. "මිනිහටත් තියෙන්නෙ එංගලන්තෙට යන්න"

මෙන්න අලුත්ම කතාව,
මේ දවස් වල ජනාධිපති චන්දෙට ඉල්ලන ගොබිලෝ දෙන්නගෙ අවලං ගෝලයො මරු සෙල්ලමක් හොයාගෙන.
එක එකාගෙ තෝම්බුව ගැන කතා හදලා ස්පෑම් කරනවා. ටැබූ කාරයා ගෙ බාසාවෙන් කියනව නම් හොදින් රෝල් කර උන්ගෙ අම්මලගෙ
ස්ත්‍රී නිමිත්තට එබිය යුතු ඊ-මේල් අපේ ඉන් බොක්ස් වලට එවනවා. ගිය සතියේ එහෙම ආපු එකක තිබුනු විදියට ෆොන්සේකා උන්නැහැත්
ලේසි පුතයෙක් නෙවයි. හමුදාවෙම 71 කට කොටලා. නම් ටිකත් එක්ක දාල තිබුනේ අපූරුවට...
යකෝ බැලුවම ටයිගර් වුඩ්ස් මොන පඟරනැට්ටෙක්ද? මේකනේ මිනිහ!!!!!
පොරට තියෙන්නෙ ග්‍රීන් කාඩ් එක බල්ලට දාල එංගලන්තෙට යන්න. ගියා නම් හොඳ තැනක් ගන්න පුලුවන්, හමුදාපති කම වුනත්...
ලෝකෙ ඕනෙම හමුදාවකට අන දෙන්න පුලුවන් කියල රජා දීපු recommendation letter එකත් මතක ඇතුව අරන් යන්න හොඳේ....


චිත්‍රය මෙතැනින් හොරකම් කර එඩිට් කරන ලද එකකි.

Comments (3)

රසවත්...

මේ දවස් වල රේඩියෝ වල යන ‍පොලිටිකල් වැඩ සටහන් වල ගෑණු වැහි වැහලා. ඔක්කොම සරත් බොස්ට එක දානවා. මම හිතන්නේ ලිස්ට් එක තව දිග් වෙයි කියලා.

මේ සම්බන්ධ ලිපි මුලින්ම පලකලේ W3Lanka එකේ

@thisara මොකක්ද බං ඔය චැනල් එක. අපිට ඕක කවදාවත් අවුවෙලා නෑනෙ.

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........