10:32 PM 5 ප්‍රතිචාර

ගලෙන් කොටුව බැන්දයි තිරිකුනාමලේ

හැම එකාම පන කඩාගෙන යන එකේ අපිත් හිතුවා trinco යන්න. ආයි කවදා පත්තු වෙයිද දන්නෙ නෑනේ. ඒක හින්දා හැමෝටම කියන්නෙ පරක්කු කරන්නෙ නැතුව යනවා නම් දැන්ම ගිහින් එන්න.

යන එන අතරමග දුටු දේවල් නුදුටු බ්ලොග් මිතුරන් සමග බෙදා ගන්නයි මේ හදන්නෙ.
අඩු ගානේ දවස් තුනක් වත් හොයාගෙන පොඩි කට්ටියක් එක්ක ගියොත් තමා හොඳ. බස් පිටින් ගියාම මෙලෝ රහක් නෑ. කට්ටිය එකතු කරන්නම දවසක් යනවා.

ලංකා පටුන පාලම
මේ කොටි ගේම දීපු ලංකා පටුන පාලම පාමුල

අනිත් එක ඒ පැති වලට දරා ගන්න බැරි තරම් සෙනගක් යනවා. ගියාම අවට පරිසරය ගැනත් ටිකක් හිතන්න.
තව අවුරුදු 10කින් ආයිත් යන්න පුලුවන් වුනොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නත් එපා යැ.


හිටු කියල සංවර්ධනය වෙන නැගෙනහිර...


කන්නියා - උනු වතුර ලිං වලින් නාන්න බැරි නම් මූන වත් හෝද ගන්න අමතක කරන්න එපා..


මේත් ලංකා පටුන පන්සල
දන්ත, හේමමාලා ලංකාවට ආවේ මෙතනින්ලු

කෝනේශ්වරම් ගියේ නැත්නම් ගමන ගියේ නෑ වගේ තමයි


මගේ දුප්පත් ෆෝන් කැමරා එක ගැන සොරි වෙන්න ඕනෙ..
12:44 AM 6 ප්‍රතිචාර

ඇහැ තියන් ඉන්න බැරුවට ගහන පොටෝ.......01


උදේ පාන්දර උනත්
පොල් අත්තෙ හෙවනැල්ල
පොල් අත්ත උඩ වැටිලා.
පොල් ඉරටු තෙලි තුඩින්
හීන් වැල්ලේ ඇඳපු
එයා නම් සිත්තරෙක්...





කට්ට අව්වට කලින්
කට්ට උඩ පිපී ආ පිනි මලේ...
තවත් ටික වෙලාවයි
අපට ඉතිරීව ඇත්තෙ
වෙන් වෙන්න දැන් ලඟයි
හෙටත් එනවා නේද
ඉර එබෙන්නට කලින්





පලතුරු
පැෂන්
දොඩම්
අයිස් ක්‍රීම්
ෆලූඩා
අලිගැටපේර
දිවුල්
වගේද පිංවතුනි
කොකාකෝලා




මේ ඉඩ ඔබේ හිතට....
8:11 PM 11 ප්‍රතිචාර

කවුද රජා.. මෙන්න රජා.....
























ඈත නිල්වන්
අහස විනිවිද
නැගෙන ඔබගේ
යෝධ රජ බඳ



මගේ නෙත සිත
කොලොප්පම් කර
රටේ මැටි කම
පසක් කර දෙයි
7:51 PM 3 ප්‍රතිචාර

ටයිගර් වුඩ්ස් Vs ෆොන්සේකා


වෙල්ගම අන්කල්ගේ අයිලන්ඩ් පත්තරේ නූරි විට්ටච්චි කියල හාදයෙක්ගෙ මරු කොලමක් යනවා. මෑන්ස් ගෙ බ්ලොග් සයිට් එකකුත් තියෙනවා මං හිතන්නෙ. දවසක් එංගලන්තෙ පොරක් බඳින්න හිතන් ඉන්න කෙල්ලෙක් පත්තරේක දකිනවා මරු කතාවක්. එංගලන්තේ ඉන්න පිරිමියෙක් ගෑනු මිලියන 2.8 එක්ක නිදාගෙන තියෙනවලු. මේකි ඇවිල්ලා කොලම ලියන නූරි ගෙන් මේක ගැන අහනවා. ඒකිට යාලු වෙලා ඉන්න එංගලන්ත කොල්ලව බඳින්න බෑලු..
ඒක ඉතින් අහන්නත් දෙයක්‍ යෑ. මෙච්චර ගෑනු එක්ක බුදිය ගත්තු එකාව බඳින්න තියෙන්නෙ ගස්.
නූරි කෙල්ලට කියනවා "ඒක වෙන්න බෑ. කොහෙන්ද මිනිහෙකුට ඔච්චර කොරන්න වෙලාවක් කියල."
මේ කතාව පත්තරේ ගියේ ගොල්ෆ් ගහන ටයිගර් වුඩ්ස් කියන ගොල්ෆ් ගහන හාදයා ගෙ කොටු පැනිල්ල මාට්ටු වෙච්ච දවස් වලම තමයි. මිනිහගෙ ස්කෝර් එක 13 යි. "ඔන්න ටයිගර් කොලුව නම් මේ ගාන කිට්ටුවට යන්න ඉඩ තියෙනව" නූරි කියනවා. "මිනිහටත් තියෙන්නෙ එංගලන්තෙට යන්න"

මෙන්න අලුත්ම කතාව,
මේ දවස් වල ජනාධිපති චන්දෙට ඉල්ලන ගොබිලෝ දෙන්නගෙ අවලං ගෝලයො මරු සෙල්ලමක් හොයාගෙන.
එක එකාගෙ තෝම්බුව ගැන කතා හදලා ස්පෑම් කරනවා. ටැබූ කාරයා ගෙ බාසාවෙන් කියනව නම් හොදින් රෝල් කර උන්ගෙ අම්මලගෙ
ස්ත්‍රී නිමිත්තට එබිය යුතු ඊ-මේල් අපේ ඉන් බොක්ස් වලට එවනවා. ගිය සතියේ එහෙම ආපු එකක තිබුනු විදියට ෆොන්සේකා උන්නැහැත්
ලේසි පුතයෙක් නෙවයි. හමුදාවෙම 71 කට කොටලා. නම් ටිකත් එක්ක දාල තිබුනේ අපූරුවට...
යකෝ බැලුවම ටයිගර් වුඩ්ස් මොන පඟරනැට්ටෙක්ද? මේකනේ මිනිහ!!!!!
පොරට තියෙන්නෙ ග්‍රීන් කාඩ් එක බල්ලට දාල එංගලන්තෙට යන්න. ගියා නම් හොඳ තැනක් ගන්න පුලුවන්, හමුදාපති කම වුනත්...
ලෝකෙ ඕනෙම හමුදාවකට අන දෙන්න පුලුවන් කියල රජා දීපු recommendation letter එකත් මතක ඇතුව අරන් යන්න හොඳේ....


චිත්‍රය මෙතැනින් හොරකම් කර එඩිට් කරන ලද එකකි.
8:28 PM 8 ප්‍රතිචාර

මනෝරත්න ගේ මී මල් පොකුර

පහුගිය සතියේ ජයලත් මනෝරත්නයන්ගේ නාටය්‍ය උලෙලක් "පොකුරු මී දැක්ම" නමින් අපේ ගමේ සංවිධානය කරලා තිබුනා. එක දිගට දවස් පහක්.


තලමල පිපිලා වලින් පටන් ගෙන ගුරු තරුව, ලෝකය තනි යායක්, අන්දරේලා හරහා ඇවිත් සුදු රෙදි හොරු වලින් අවසන් වුනා.

වැඩේ නම් කියලා වැඩක් නෑ.. මල් හතයි

හැමෝටම අමාරු කාලයක් වුනත් ඉතාම අඩු ප්‍රචාරයක් යටතේත් සතුටු දායක ජන සහභාගීත්වයක් දවස් පහේම තිබුනා.

මේ කාලේ සංවේදී රජාටවත් අසංවේදී හංසයාටවත් කඩේ නොයන අතලොස්සක් කලා කරුවන් අතර සිටින මනෝරත්නයන්ට තිබෙන

ජන ප්‍රසාදය ගැනත් මේක හොඳ උදාහරනයක්.

හෙට අනිද්දා වසන්ති ඇන්ටි වගේ ගෝනියක් අරන් කාට හරි කඩේ යයිද දන්නෙ නෑ.....එතකොට අපි නෑ..

අපේ පාසැල් රඟ හලේ අඩු පාඩු රැසක් මැද වුනත් හොඳ රස වින්දනයක් ලබන්න කැමති පිරිසට මෙය අගනා අවස්ථාවක් වුනා.

තවමත් වේදිකාව අත් නොහැරි මේ කලා කරුවන්ටත් ඉමහත් අසීරුතා මැද මෙවැන්නක් සංවිධානය කල "පස්දුන් සහ්ර්දයන්ටත්"

මේ මල් මිට වේදිකාවට ආදරය කරන සියලු බ්ලොග් කරුවන්ගෙන්.........
7:20 PM 24 ප්‍රතිචාර

බන්දුල මාමේ, දෙනවානම් මෙන්න real budget pack එක...බඩුම තමා...

මේ දවස් වල බ්ලොග් අවකාසේ හෙන හුට්ටප්පර... අර බ්ලොගී කෙල්ල කනමදයා වගේ
සුදු අරක්කු බාගයක් එක හුස්මට ගහලා නොකවුට් වෙච්ච සීන් එක හින්දා කොල්ලො මරාගන්න හදනවා.
මේ කියන වැඩේ සිද්ද වුනේ බ්ලොගී තරම් දරුනු බේබද්දො දෙන්නෙකුට නෙවෙයි...
මල් වගේ අහිංසක කොල්ලො දෙන්නෙක්
නත්තල් දාට කලින් දවසේ හවස 4.15 ට ඕෆ් වෙලා රත්මලානේ වතුර මන්ඩලේ ඉස්සරහ
අනුර අයියගේ බාර් එකේ සෙට් වුනා කියමුකෝ...
කොච්චර උවමනාව තිබුනත් දෙන්නටම පැයක් හමාරක් බස් එකේ දෙපැත්තට යන්න තියෙනෙවා..
ගෙදරට නෝන්ඩි වෙන්නත් බෑ... තාම තනිකඩයි නෙ..
එකී මෙකී නොකී දහසකුත් එකක් කාරනා කරන කොට මේ ඩබල බල්ලන්ට ගහන බාගයකින් සැනසෙන්න තීරනය කලා
බ්ලොගී ට වගේ fridge එකේ අරක්කු දාලා තියන අයියලා කොයින්ද පූසෝ අපිට....
කොහොමින් කොහොම හරි එකෙක්ගෙ රට රස්සාවයි, අනිකගේ බඩු කතන්දරයි, අලිමංකඩ බයිස්කෝප් එකයි,
ෆොන්සේකයි, මහින්දයි එක්ක බාගෙ චුත වුනා....
හැමදාම ඉන්න වේටර් සොමරත්න අංකල් ගෙනාව බිල...
මේ තියෙන්නෙ එලකිරි ටිකට 885 කටම කෙලලා.... ටිප් එක 15ක් ඇතිනෙ..
කෝකටත් කියලා ෆෝන් එකෙන් සිහිවටනයක් කරගත්තා...
ඊලඟට ආතල් හරිය.. පහුගිය දවස් වල ධන-රින බන්දුල සෑර්/වයිමා නොහොත් ගෙම්බා (අලුත්ම කාඩ් එක) බජට් පැක් එකක් ගැන කිව්වනේ
මේ දවස් වල ඒක හොයාගන්න තියෙන්නෙ ඒ දවස් වල ආපු පත්තර ෆොටෝ වල විතරයි...
මේ හත් ඉලව් පැක් එකෙන් වුනේ උන්දැගෙ ආංඩුව නන්නත්තාර වෙච්ච තරම රටටම පෙන්නපු එකයි.
අපට මක්කටැයි ඒ පන්ඩිතකම්? සංවේදී පරිනත පලපුරුදු නායකයා ඒවා බලා ගන්නෙ නැතෑ...
බන්දුල මාමේ මෙන්න මේකයි අපේ ගින්දර වගේ යෝජනාව...
අලුත්ම බජට් පැක් එක,
"ගල් බාගයයි, අලියා සෝඩා එකයි, බයිට් එකට චිකන් හෝ පෝක් සහ අන්තිමට බට හයයි.
සාමාන්‍ය වියදම රු.900.00.... බජට් පැක් එක රු.xxx.xx.
දෙන්නෙකුට හීනියට කික් එකක් එන මරු ගාන..."

හිතේ තියෙන ෆිට් එකට තමා බොස් මේ අයිඩියා එක දුන්නෙ...
ෆොන්සේකාට ලොක්කට බොන සබ්ජෙක්ට් එක හොඳට මීටර්...
යූ ඇන් පී කාරයින්ට හිතෙන්න කලින් ඉස්සර වුනොත් දිනුම්.
මතකනේ...මහ චන්දෙකුත් ලඟ ලඟම එනෝ...
7:38 PM 3 ප්‍රතිචාර

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු,,,,,,

කාලෙකට පස්සෙ ලියන මේ බ්ලොග් එකට මේ ආතල් වස්තු බීජය සපයා දුන් මහ රජතුමාට ජය ශ්‍රී!!
අර TNL එකේ හැමදාම පොඩි දරුවෙක් කියනවා වගේ "අනේ දෙවියනේ රැක දෙන් අපේ රජතුමා"...

දැන් අම්බානක පදිරි වෙලා හිටියට රනිල් ලොක්කා මීට අව්රුදු 5-6 කට කලින් මේ පුදුම රටේ අගමැති...
ඒක අද පොලිස් කාරයෙක්වත් ගෝටා ගෙන් අහන්නෙ නැතුව මාරු කරගන්න බැරි ජොලි සීය කරන කුජීත පියන් කම වගේ නෙවෙයි.

ඒ කාලේ රනිල්ගෙ ගෝල බාලයො කරපු කප්පරක් පාදඩ වැඩ වලින් එකක් නැවත මතක් වුනේ
මේ දවස් වල ෆිට් එක හැදිලා වෙව්ලන රජාගෙ දෑත් ශක්තිමත් කරන්න කුරුනෑගල ගොතයො දෙන්නෙක් සෙට් වුනු
නිව්ස් එක අහලා.



කෙකටිය (Aponogeton crispus ) කියන්නෙ අපේ ගං ගොඩවල් වල වතුරේ ඕනතරම් තියෙන ජාතියක් වුනාට මේවා රට පටවන්න තහනම්.
මේක මොන තරම් කාලකන්නි මානව විරෝදී නීතියක්ද කියල කල්පනා කරපු රනිල් ආන්ඩුවෙ පාන්ඩු ඇමතියෙක් හිටියා.
අපිට හොද නම් සුද්දන්ට විතරක් කෙකටිය නරක මොකද කියලා මූට හිතුනා..
අන්න නියම මානව හිතවාදී ඇමති වරු... සාදු සාදු!!!!
එහෙම කල්පනා කරපු ඇමති තෙමේ එයාර් පෝර්ට් එකේ දි මාට්ටු වෙලා කලිසමේ තෙමා ගත්ත.
ඒක ඔය රේගුවද මොකක්ද එකේ ඉන්න අලුගුත්තේරුවො කරපු වැඩක්....
හොද වෙලාවට ඒ කාලෙ විජාතික කුමන්ත්‍රන කියන වචනෙ හොයාගෙන තිබුනෙ නෑ.
නැත්නම් මල කෙලියයි මහරජ කිව්වලු....

ඉතින් ඔය පැරනි රසාංගය නැවත මතක් වුනේ අලුතින් ආංඩුවට ආපු ඩබලට දීපු මිනිස්ටීරියල් පොර්ට්ෆොලියෝ දැක්කම..
කෙකටිය සංරක්ශනය ගැන පට්ට රෙකෝඩ් එකක් තියෙන හාදයට තමයි ස්වාභාවික සම්පත් ටික දීලා තියෙන්නෙ...

කොහොමද අපේ රජාගෙ ටිකිරි මොලේ...