7:38 PM

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු,,,,,,

කාලෙකට පස්සෙ ලියන මේ බ්ලොග් එකට මේ ආතල් වස්තු බීජය සපයා දුන් මහ රජතුමාට ජය ශ්‍රී!!
අර TNL එකේ හැමදාම පොඩි දරුවෙක් කියනවා වගේ "අනේ දෙවියනේ රැක දෙන් අපේ රජතුමා"...

දැන් අම්බානක පදිරි වෙලා හිටියට රනිල් ලොක්කා මීට අව්රුදු 5-6 කට කලින් මේ පුදුම රටේ අගමැති...
ඒක අද පොලිස් කාරයෙක්වත් ගෝටා ගෙන් අහන්නෙ නැතුව මාරු කරගන්න බැරි ජොලි සීය කරන කුජීත පියන් කම වගේ නෙවෙයි.

ඒ කාලේ රනිල්ගෙ ගෝල බාලයො කරපු කප්පරක් පාදඩ වැඩ වලින් එකක් නැවත මතක් වුනේ
මේ දවස් වල ෆිට් එක හැදිලා වෙව්ලන රජාගෙ දෑත් ශක්තිමත් කරන්න කුරුනෑගල ගොතයො දෙන්නෙක් සෙට් වුනු
නිව්ස් එක අහලා.



කෙකටිය (Aponogeton crispus ) කියන්නෙ අපේ ගං ගොඩවල් වල වතුරේ ඕනතරම් තියෙන ජාතියක් වුනාට මේවා රට පටවන්න තහනම්.
මේක මොන තරම් කාලකන්නි මානව විරෝදී නීතියක්ද කියල කල්පනා කරපු රනිල් ආන්ඩුවෙ පාන්ඩු ඇමතියෙක් හිටියා.
අපිට හොද නම් සුද්දන්ට විතරක් කෙකටිය නරක මොකද කියලා මූට හිතුනා..
අන්න නියම මානව හිතවාදී ඇමති වරු... සාදු සාදු!!!!
එහෙම කල්පනා කරපු ඇමති තෙමේ එයාර් පෝර්ට් එකේ දි මාට්ටු වෙලා කලිසමේ තෙමා ගත්ත.
ඒක ඔය රේගුවද මොකක්ද එකේ ඉන්න අලුගුත්තේරුවො කරපු වැඩක්....
හොද වෙලාවට ඒ කාලෙ විජාතික කුමන්ත්‍රන කියන වචනෙ හොයාගෙන තිබුනෙ නෑ.
නැත්නම් මල කෙලියයි මහරජ කිව්වලු....

ඉතින් ඔය පැරනි රසාංගය නැවත මතක් වුනේ අලුතින් ආංඩුවට ආපු ඩබලට දීපු මිනිස්ටීරියල් පොර්ට්ෆොලියෝ දැක්කම..
කෙකටිය සංරක්ශනය ගැන පට්ට රෙකෝඩ් එකක් තියෙන හාදයට තමයි ස්වාභාවික සම්පත් ටික දීලා තියෙන්නෙ...

කොහොමද අපේ රජාගෙ ටිකිරි මොලේ...

Comments (3)

අප්පට සිරි උ ඒහෙම ඒකෙක්ද?

ඉතින් දෙයියනේ එහාට මෙහාට පැන්න කියලා තමන් කොරන්න දන්න දේවල් මාරු වෙනවායෑ. ඉතින් ඒවාට අදාල දේවල්ම තමා දෙන්න ඕනේ

අන්න ඒකනේ මම කවදාවත් හැරීට බනින්නේ නැත්තේ... red label, bakadi, gallery ගැන කියව කියව හිටියට කාටත් වත නැතිවුණාම පිහිටට එන්නේ ඔය බල්ලට ගහන එක තමයි.

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........