8:28 PM

මනෝරත්න ගේ මී මල් පොකුර

පහුගිය සතියේ ජයලත් මනෝරත්නයන්ගේ නාටය්‍ය උලෙලක් "පොකුරු මී දැක්ම" නමින් අපේ ගමේ සංවිධානය කරලා තිබුනා. එක දිගට දවස් පහක්.


තලමල පිපිලා වලින් පටන් ගෙන ගුරු තරුව, ලෝකය තනි යායක්, අන්දරේලා හරහා ඇවිත් සුදු රෙදි හොරු වලින් අවසන් වුනා.

වැඩේ නම් කියලා වැඩක් නෑ.. මල් හතයි

හැමෝටම අමාරු කාලයක් වුනත් ඉතාම අඩු ප්‍රචාරයක් යටතේත් සතුටු දායක ජන සහභාගීත්වයක් දවස් පහේම තිබුනා.

මේ කාලේ සංවේදී රජාටවත් අසංවේදී හංසයාටවත් කඩේ නොයන අතලොස්සක් කලා කරුවන් අතර සිටින මනෝරත්නයන්ට තිබෙන

ජන ප්‍රසාදය ගැනත් මේක හොඳ උදාහරනයක්.

හෙට අනිද්දා වසන්ති ඇන්ටි වගේ ගෝනියක් අරන් කාට හරි කඩේ යයිද දන්නෙ නෑ.....එතකොට අපි නෑ..

අපේ පාසැල් රඟ හලේ අඩු පාඩු රැසක් මැද වුනත් හොඳ රස වින්දනයක් ලබන්න කැමති පිරිසට මෙය අගනා අවස්ථාවක් වුනා.

තවමත් වේදිකාව අත් නොහැරි මේ කලා කරුවන්ටත් ඉමහත් අසීරුතා මැද මෙවැන්නක් සංවිධානය කල "පස්දුන් සහ්ර්දයන්ටත්"

මේ මල් මිට වේදිකාවට ආදරය කරන සියලු බ්ලොග් කරුවන්ගෙන්.........

Comments (8)

manussayoo minissu thamang hari kiyala hithena kena gana katha karana eke kade yamak wenne kohamada....

ehenaumm kalawa gana katha kireemaa kalawata kadee yamakkk...
apeee ammma ganna hondaii kimma ammata kadee yamakk....

Jayalath manorathna mahathhayaaa karuwath gana katha kale nathiwunata ethumatath mathayak athi .. eke eya nidahasemma wiyuthpanna karanawa... :)

ithing ethumata kawru hari gana katha karanna asa hithunama...

"හෙට අනිද්දා වසන්ති ඇන්ටි වගේ ගෝනියක් අරන් කාට හරි කඩේ යයිද දන්නෙ නෑ.....එතකොට අපි නෑ."

kiyana obathumage mole ... thiyenne koheda kiyala bala ganna ekanumm hondaiii

niyamai ne . . oya okkoma baluwada??? mata uba gana irisiyawe baha . . ..

මම ලෝකය තනි යායක්,ගුරු තරුව බලලා තියෙනව අනික් තුන නැහැ. ලෝකය තනි යායක් නම් නියමයි

දුකා අයියට වගේ මටත් ඔයා ගැන ඊසිරියාවේ බෑ...!!!

@Anonymous
ඇනොනිමස් පැටියෝ, ඔයාගෙ ටිකිරි මොලේට තේරුනු විදිය හරියට හරි.
කෙනෙක් ගැන හොඳ කීමත් කඩේ යාමත් දෙකක් තමයි.
මේ කරන වැඩේ කඩේ යෑමක් කියලා කියන්නෙ ඔය කලා හාල් පාරුවොම තමයි.
ඊයෙ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු, කැමරාවක් ඉස්සරහ දෙතුන් පාරක් එහාට මෙහාට ගිය, සමහර විට චන්ද බලෙත් නැති ලපයි සිපයි ටිකක් අපිට චන්දෙ දෙන හැටි උගන්වන්න එන එක මල විකාරයක් නෙවෙයිද?
මේ කතාව අහලා තියෙනවද?
බීතෝවන් කියන ප්‍රංශ ජාතික මහා සංගීත නිර්මාන කරුවා දිනක් "ගොතේ" නම් ඔහුගේ මිතුරු කවියෙකුත් සමග පාරේ යමින් සිටියදී ඔවුන් දෙසට එරට රජුත් බිෂොප් වරයාත් පැමිනියා.
ඒ දුටු ගොතේ කලේ හිස් වැස්ම ගලවා පාරෙන් ඉවත් වී කානුවට බැසීමයි. නමුත් බීතෝවන් තම හිස් වැස්ම හොඳින්
සකසා ගෙන එතැනම සිටියා.
රජුත් බිෂොප් වරයාත් දෙදෙනාම ඔහුට සුබ පතා තමන්ගේ ගමන ගියා. (ගුඩ් මෝර්නිං කියන්න ඇති)
කේමදාස මාස්ටර් හා ආර්. පේ්‍රමදාස ගැනත් මේ වගේම කතාවක් තියෙනවා.
කලා කරුවෝ කියන්නේ ඒ වගේ අදීන පෞරුෂයක් තියෙන පිරිසක් මිසක් මේ වගේ සුකිරි බටිල්ලන්ට නෙවෙයි.

වැඩි විස්තර සඳහා මේකත් බලන්න.
http://www.lankaenews.com/Sinhala/news.php?id=12010

@ දුකා: ඔක්කොම බැලුවේ නෑ . ගුරු තරුව, අන්දරේලා කලින් බලලා තිබුනා.
@ ම: මම හිතන්නෙත් ලෝකය තනි යායක් තමා හොඳම. සේකර මහත්තයගෙ ප්‍රබුද්ධ
වගේ පොතක් බලලම මේක බලන්න යනව නම් තවත් හොඳයි.
@ මලී: තේරුම් ගන්න පුලුවන් ඔයාලගේ ඉරිසියාව :)

බීතෝවන් ජර්මන් ජාතිකයෙක් නේද?

මල්ලි හරි මල්ලි... සොරි වෙන්න ඕනෙ....

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........