10:32 PM

ගලෙන් කොටුව බැන්දයි තිරිකුනාමලේ

හැම එකාම පන කඩාගෙන යන එකේ අපිත් හිතුවා trinco යන්න. ආයි කවදා පත්තු වෙයිද දන්නෙ නෑනේ. ඒක හින්දා හැමෝටම කියන්නෙ පරක්කු කරන්නෙ නැතුව යනවා නම් දැන්ම ගිහින් එන්න.

යන එන අතරමග දුටු දේවල් නුදුටු බ්ලොග් මිතුරන් සමග බෙදා ගන්නයි මේ හදන්නෙ.
අඩු ගානේ දවස් තුනක් වත් හොයාගෙන පොඩි කට්ටියක් එක්ක ගියොත් තමා හොඳ. බස් පිටින් ගියාම මෙලෝ රහක් නෑ. කට්ටිය එකතු කරන්නම දවසක් යනවා.

ලංකා පටුන පාලම
මේ කොටි ගේම දීපු ලංකා පටුන පාලම පාමුල

අනිත් එක ඒ පැති වලට දරා ගන්න බැරි තරම් සෙනගක් යනවා. ගියාම අවට පරිසරය ගැනත් ටිකක් හිතන්න.
තව අවුරුදු 10කින් ආයිත් යන්න පුලුවන් වුනොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නත් එපා යැ.


හිටු කියල සංවර්ධනය වෙන නැගෙනහිර...


කන්නියා - උනු වතුර ලිං වලින් නාන්න බැරි නම් මූන වත් හෝද ගන්න අමතක කරන්න එපා..


මේත් ලංකා පටුන පන්සල
දන්ත, හේමමාලා ලංකාවට ආවේ මෙතනින්ලු

කෝනේශ්වරම් ගියේ නැත්නම් ගමන ගියේ නෑ වගේ තමයි


මගේ දුප්පත් ෆෝන් කැමරා එක ගැන සොරි වෙන්න ඕනෙ..

Comments (5)

වෙලාවක යන්න ඕනේ. මන් හිතාගෙන හිටියේ තව ටික දවසකින් කට්ටිය යන එක අඩු උනාම යනවා කියලා. එහෙ ඉන්න එහෙම තැන්තියෙනවද බන්?

පරෙයි දූපත පෑත්තෙ ගියෙ නෑ!
මම අන්තිමට ගියෙ සාම ගිවිසුම කාලෙ. අදටත් මතක් වෙනව ටවුමෙන් කාපු කිරි මාලු වල රහ

අපි යුද්දේ තියෙන කාලේ trinco ගියා ඒ කාලේ හරිම අවදානම් අපි ගිය කොච්චියේ army එකෙන් හැමතැනම මමයි යාලුවො ටිකකුයි ගියේ අපි trinco වලින් බැස්සම මුලු ඇගම check කරා මං ගාව pen drive එක්ක තිබ්බා ඒ pendrive ආපු දවස් වල ඉතින් army අය මාව වට කරගත්තා එයාලා පස්සට වෙලා මගේ දිහාට තුවක්කු දික් කරන් ඉන්නවා මං පැහැදිලි කරත් තේරුම් ගත්තේ නැ. එදා අපි ආපු trian එකේ LTTE අයත් ඇවිත් අල්ලාගෙන ගියා STATION එකේදි කොහම හරි යාලුවොත් බයවෙලා කරන්න දෙයකුත් නැ මට හෙල්ලෙන්නත් බැ. මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් TRINCO NAVY CAMP එකේ හිටියා එයාට අපි කියලා තිබ්බේ එනවා කියලා ටික වේලාවකින් එයා ආවා ඊට පස්සේ සිද්ධිය තේරුම් කරලා දීලා යන්තම් බේරුනා.
කොහොම හරි අපිට නිලාවේලි යන්න බැරි උනා එදා එහේ FIRING එක්ක අපි කොවිලට නම් ගියා එහේ මුවෝ හරිම නිදහසේ ඉන්නවා කොවිලට බැර කරපු අය නිසා
ඉස්සර මිනිස්සු 200 ක් ඉන්න ඇති ඊට වැඩිය නම් අපි දැක්කේ නැ.

ඒත් දැන් සාමය ඇවිත්නේ ඔක්කෝටම යන්න පුලුවන්....

ඒක මතක් උනා මේ POST එක දැකලා

ට්‍රින්කො ලස්සනයි කියලා හැමෝම කියනවා...
මාත් දවසක බලන්න යන්න හිතන් ඉන්නෙ...
බොහොම ස්තුතියී ෆොටෝස් දැම්මට

@ම - සෙනග හිටියට නවතින තැන් අව්ලක් නෑ. යන්න කලින් සෙට් කරගන්න ඕනෙ. යාපනේ තමයි ටිකක් අඩු.
@ඉන්දික - ඇත්තටම පරෙයි දූපත ගැන ඇහුවේ ගිහින් ආවට පස්සෙ. මාබල් බීච් නම් ගියා. නිකම්ම යන්න බෑ නේද? ඊලඟ පාර නේවි පොරක් සෙට් කරන් යන්න ඕනෙ.
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය - මරු වැඩේ නේද?

Post a Comment

හිතෙන දෙයක් ලියලා දාන්න...........